පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුර බාල්කයක

පොලිස් සැරයන්වරයෙකුගේ මළසිරුරක් අද (06) සවස ඔහුගේ වේයන්ගොඩ පොලිස් වසමේ පත්තලගෙදර පිහිටි නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී හමු වූ බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ චමින්ද රාජකරුනා  42 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.

පොලීසියට ලද තොරතුරක් මත සිදු කරනු පරීක්ෂණයකදී සැරයන්වරයාගේ දේහය නිවසේ එල්ලෙමින් තිබියදී හමුවී ඇත. ඔහු ගේ අත් අකුරින් ලියූ බවට සැකකරන කුඩා ලේඛනයක් ද හමු වූ බව පොලීසිය සඳහන් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *