පොලිස් වෙඩි පහරින් මනුෂ්‍ය ඝාතන සැකකරුවෙකු මරුට

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු හංවැල්ල ප්‍රදේශයේ දී පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි දෙල්වල උඩකරවිට පදිංචි පුද්ගලයෙකි.

පසුගිය දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල හරස් පාරේ වෙළෙඳසැලක හිමිකරු පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය විසින් අදාළ වෙළෙඳසැලේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය සැකකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එම මෙහෙයුම අතරතුර සැකකාර පුද්ගලයා පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර පෙරළා එල්ලකළ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් සැකකරු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාළ ලැබූ සැකකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

පෙර පුවත සදහා

Leave a Reply