පොල් රා මදින්න පාඨමාලාවක් – පුහුණුවෙන් පසු ලක්ෂයක වැටුපක්

‘පොල් රා’ මදින්නන් සඳහා පුහුණු පාඨමාලාවක් පොල් පර්යේෂණ ආයතනය විසින් ආරම්භ කර තිබේ.

නොමිලේ පවත්වන මෙම පාඨමාලාවෙන් පසු රැකියාවක්ද ලබාදීමට පෞද්ගලික සමාගමක් කැමැත්ත පළ කර ඇති බව එම ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශයේ ප්‍රධානී පවසයි.

පොල් රා මැදීමෙන් මසකට රුපියල් 80,000ත්, ලක්ෂයත් අතර මුදලක් උපයාගත හැකි බව ඔහු සඳහන් කළේය.

අදාළ පාඨමාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයෙන් හෝ 1928 ක්ෂණික දුරකතන අංක අමතා ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *