පොල් ගස් කඩාගෙන මරුවා සොයා ගිය ඉන්ධන බවුසරය

පස්යාල – මීරිගම පාරේ පස්යාල ප්‍රදේශයේදී සිපෙට්කෝ තෙල් බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (11) සිදු වූ රිය අනතුරකින් බවුසරයේ රියැදුරු මියගොස් ඇති බව නිට්ට්ඹුව පොලීසිය පවසයි.

කොළොන්නාව පර්යන්තයේ සිට ඉන්ධන රැගත් මෙම බවුසරය සමන්තුරය දක්වා ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

බවුසරයේ රියදුරා හදිසියේ රෝගාතුර වී මිය යාම නිසා ඔහුගේ පාලනයෙන් ගිලිහුණු තෙල් බවුසරය වංගුවකදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවක් සහ පොල්ගස් දෙකක් පෙරළා දමමින් පොල්වත්තක් අසළ වෙල් යායකට ගොස් නතර වී තිබෙන බව අනාවරණය වි තිබේ.

පසුව බවුසරයේ රියැදුරු වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර රිය සහායකයාද තුවාල ලබා ඇතුළත් කළ බව පොලීසිය පවසයි

අනතුර සම්බන්ධයෙන් නිට්ට්ඹුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *