පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයා මරුට

පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණ සිටියදී 69 හැවිරිදි එංගලන්ත ජාතිකයකු පෙරේදා (06) මියගොස් තිබෙන බව පේරාදෙණිය පොලිසිය පවසයි.

මියගිය එංගලන්ත ජාතිකයා ඉකුත් (05) වනදා මහනුවරට පැමිණ ඇත. ඔහු සමඟ මෙරටට පැමිණි කාන්තාවක් සමඟ උද්භිද උද්‍යානය නරඹමින් සිටියදී එදින දහවල් රෝගී වීම නිසා උද්භිද උද්‍යානයට අයත් වාහනයකින්ම පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බ්‍රිතාන්‍ය ජාතිකයා මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙනයනු ලබයි

Leave a Reply