පෙමට පිටුපෑ නිසා පෙම්වතියට පෙම්වතා අතවර කරලා

මිරිස්ස ප්‍රදේශයේ සිට තරුණියක් අහංගම ප්‍රදේශයේ හෝටලයකට කැඳවාගෙන පැමිණ ඇති පුද්ගලයෙකු එම තරුණිය මරන බවට තර්ජනය කොට අතවර කල බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැකියාව කරන අතර එම හෝටලයේම රැකියාව කළ 20 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. ඔහු විවාහකයකු බව දැනගැනීමෙන් පසු ඇය විසින් ප්‍රේම සම්බන්ධය නතර කර ඇති අතර ඉකුත් 28 දින සම්බන්ධයෙන් කතා කර ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා ඇත.

ඒ අනුව ඇය පැමිණි අවස්ථාවේ ඇය ත්‍රිරෝද රථයක නංවාගෙන අහංගම, කතලුව ප්‍රදේශයේ හෝටලයකට රැගෙනැවිත් මරන බවට තර්ජනය කර අතවර කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply