පෙනහල්ලේ සිරවුණු මූනිස්සම එළියට ගත් කරාපිටියේ භෞත චිකිත්සක විස්කම

වෙඩි තැබිමකින් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයට ඇතුළත්කොට සිටි පුද්ගලයෙකුගේ වම්පස පෙනහැල්ලේ හිරවි තිබු මුනිස්සමක් හෘද උරස් භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් ඉවත්කිරිමට කටයුතු කර ඇත.

ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ටොලුෂා හරිස්චන්ද්‍ර මහත්මියගේ අධික්ෂණය යටතේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ භෞත චිකිත්සක අසංක මද්දුමආරච්චි මහතා විසින් වම්පස පෙනහැල්ලේ හිරවි තිබු මෙම මුනිස්සම ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

තංගල්ල මොරකැටිය ප්‍රදේශයේ වු වෙඩි තැබිමකින් මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත්කොට තිබේ.  වෙඩි තැබිමෙන් මොහුගේ දකුණු පෙනහැල්ල පසාරුකරගෙන ගොස් වම්පස පෙනහැල්ලේ මුනිස්සම හිරවි තිබු බව භෞත චිකිත්සක අසංක මද්දුමආරච්චි පවසයි.

වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලැබු මෙම පුද්ගලයා හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ටෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය විසින් ශල්‍යකර්මයකට ද භාජනය කර තිබේ. පිටතට ගැනිමට නොහැකි අයුරින් මුනිස්සම වම්පස පෙනහැල්ලේ පහලට වන්නට හිරවි තිබි ඇති අතර පසුව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියගේ අධික්ෂණය යටතේ භෞත චිකිත්සක අසංක මද්දුමආරච්චි මහතා විසින් භෞත චිකිත්සක ප්‍රථිකාර මගින් මෙම මුනිස්සම මුඛයෙන් පිටතට ගැනිමට කටයුතු කර තිබේ.

බටයක් දමාවත් මුනිස්සම පිටතට ගැනිමට නොහැකි තත්වයක් තිබු බවත් එක්ස්රේ කොපිය පරික්ෂා කර බලා තුවාල ලැබු පුද්ගලයාගේ උදරය තෙරපිමට ලක්කොට ස්වාසනාලය හරහා මුනිස්සම රැගෙනවිත් මුඛයෙන් පිටතට ගැනිමට කටයුතු කල බව භෞත චිකිත්සක අසංක මද්දුමආරච්චි මහතා පවසයි .

මුනිස්සම අඟලක් පමණ දිග ඇති විෂ්කම්භය මිලිලිටර් 02ක් පමණ ඇති බවත් භෞත චිකිත්සක ප්‍රථිකාර මගින් මෙම මුනිස්සම පිටතට ගත් අසංක මුද්දුමආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply