පූර්ණ සුර්යග්‍රහණයක් – ලෝකයේ කොටසක් අඳුරු වෙයි

පූර්ණ සූර්යග්‍රහණයක් අද (08) පස්වරුවේ සිදුවීමට නියමිතව තිබෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

එම සුර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන නමුත් බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීමට නියමිතය.

මෙරට වේලාවෙන් සූර්යග්‍රහණය රාත්‍රී 9.12ට ආරම්භවී පසු දින අලුයම 2.22ට අවසන් වේ.

ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස මෙය දකින්න ලැබේ.

උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස බවද එම ආයතනය පවසයි.

ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණයක් නැවත දැකගැනීමට හැකිවන්නේ 2044 දී බව නාසා ආයතනය සඳහන් කර ඇත

Leave a Reply