පුද්ගල ඝාතනයකට පොලිසියේ හතරකට මරණ දඬුවම

වැටලීමක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වු පොලිස් නිලධාරීන් හතර දෙනකුට මරණිය දණ්ඩනය නියම කිරිමට හම්බන්තොට මහාධිකරණය අද (15) නියෝග කර තිබේ

2005 වසරේ ජුනි මස 28 වැනි දින තිස්සමහාරාම ප්‍රදේශයේදි මෙම වැටලීම අතරතුර මෙම ඝාතනය සිදුව තිබේ.

මරණ දඬුවම නියමවූ නිලධාරීන් 04 දෙනාගෙන් දෙදෙනකු දැනට පොලිසියේ සක්‍රීය රාජකාරිය නිරතවන බවත් තවත් එක් අයෙකු විශ්‍රාම ගොස් අනෙක් අය සේවය හැරගොස් ඇති බවද අධිකරණයේදී හෙලිව තිබේ

ඊට අදාළව පැවති දිර්ඝ නඩු විභාගයකින් පසු හම්බන්තොට මහාධිකරණ මෙම දඩුවම නියම කර තිබේ

One thought on “පුද්ගල ඝාතනයකට පොලිසියේ හතරකට මරණ දඬුවම

  1. අධිකරණය ජනතාව නොමග යවනවද නැතිනම් මාධ්‍ය ජනතාව නොමග යවනවද එහෙමත් නැතිනම් අධිකරණය හා මාධ්‍ය එකට එක්ව ජනතාව සමග ඔට්ටු සෙල්ලම් කරනවාද …?😂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *