පුද්ගලයන් පිරිසක් සපා කෑ පිස්සු බල්ලෙකු හදාගත් ප්‍රංශ ජාතිකයෙකු අත් අඩංගුවට

අලුත්ගමදී පුද්ගලයන් පස් දෙනකු නිදැල්ලේ පැමිණ සපා කා ඇති අනාරක්ෂිත ආකාරයට සුනඛයකු ඇති දැඩි කළ ප්‍රංශ ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සුනඛයා ජලභීතිකා රෝගය වැළදී මියගිය පසු එම ප්‍රංශ ජාතිකයා මෙලෙස අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තොට,අංගාගොඩ, පදිංචි 84 හැවිරිදි ප්‍රංශජාතික පුද්ගලයෙකි.

සැකකරු විසින් අවුරුදු 6 ක් පමණ වයසැති  බැල්ලියක සුරතලයට ඇති දැඩි කර ඇති අතර , බැල්ලිය ඉකුත් 23 දා එම නිවසින් පැන ඇවිත් පුද්ගලයන් පස් දෙනකු සහ නිවාසවල ඇති කරන සුනඛයන් තිදෙනෙකු සපාකා තිබේ.

මේ වන විට එම බැල්ලිය සපා කා තිබෙන නිවාසවල ඇති කළ සුනඛයන් දෙදෙනකු ද මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *