පුතාගේ අනියම් පෙම් පලහිලව්වකට මව ඝාතනය කරලා

ව්‍යාපාරිකයෙකු ඇතුළු තිදෙනකු විසින් සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පැහැරගෙන ගොස් ඇය ඝාතනය කර සිරුර ඇඹිලිපිටිය ආයුර්වේද රෝහල අසල දමා ගොස් තිබියදී සොයාගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ සූරියවැව වීරියගම පදිංචි 58 හැවිරිදි කාන්තාවකි.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ පුතා ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් සමග ඇති අනියම් සම්බන්ධයක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව වාර්තාවේ

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *