පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට බාලගිරි දෝෂය

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම ලබන සතියේ මුල් දින කිහිපයට කල් දැමූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනයක් තීරණය කිරීමට අද (03) මැතිවරණ කොමිෂන් සභාව රැස් වී තිබුණු නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යවරයා ඇතුළු එහි ලේකම්වරයාට නිකුත් කළ නියෝගයක් හේතුවෙන් මෙලෙස දිනයක් තීරණය කිරීම කල් දමා ඇත.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු ඡන්දයක් පැවැත්වීමට අදාළ වන පාර්ශව සමග සාකච්ඡා කර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කර තිබේ.

ඒ අනුව, ලබන සතියේ මුල් දින කිහිපය තුළ මෙම සාකච්ඡා පැවැත්වෙන බව ත් ඉන් අනතුරුව පළාත් පාලන ඡන්දය විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Leave a Reply