පීඩන අවපාතය ජිවිත දෙකක් බිලිගනි

අකුරණ දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අධික වර්ෂාවත් සමඟ එම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද නායයෑමෙන් සිදුවූ අනතුරෙන් මෙලෙස මියගොස් ඇත්තේ 18 සහ 19 හැවිරිදි වයස්වල පසුවන සහෝදර සහෝදරියන් දෙදෙනෙකි

අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ පස්දෙනෙකු සිට ඇති අතර ඉන් එක් සහෝදරයෙකු පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම අනතුරින් මවට සහ පියාට කිසිදු හානියක් සිදුව නොමැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *