පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බැවින් දැනට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය

මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ අදාළ මුහුදු ප්‍රදේශයට ධීවර හා නාවික ප්‍රජාවට යාත්‍රා නොකරන ලෙසත් එම දෙපාර්තමේන්තුව පවසයි.

අඩුපීඩන කලාපය ලබන 31 වන දින වනවිට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එය පෙබරවාරි මස 01 දින මෙරට නැගෙනහිර වෙරළ දෙසට ළගාවනු ඇති බවට මෙරට හා ජාත්‍යන්තර කාලගුණ බලධාරීන් අනාවැකි පළ කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය.

Leave a Reply