පිලිපීනයේ ප්‍රබල භූමිකම්පාවක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු අඟවයි

පිලිපීනයේ මින්දනාවෝ (Mindanao) දුපතේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.6ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙන ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මෙම ප්‍රබල භූමිකම්පාවක් සමඟ දකුණු පිලිපීනය, ඉන්දුනීසියාව, Palau සහ මැලේසියාවේ සමහර ප්‍රදේශවලට සුනාමි රළ පහර ඇතිවෙනු ඇතැයි අපේක්ෂා කරන බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය

මේ අතර ජපානයේ සමහර ප්‍රදේශ වලට මීටර 3ක පමණ උසට සුනාමි රළ පැමිණිය හැකි අනුමාන කරන බව එරට කාලගුණ අංශ ප්‍රකාශ කර තිබේ.

පිලිපීනයට එරට වෙලාවෙන් පෙරවරු 10.37 සහ 11.59 අතර (දෙසැම්බර් 03) කාලය තුල පලමු සුනාමි රළ පැමිණ හැකි බව එහි සඳහන් වන අතර වෙරළ ආශ්‍රිතව පදිංචි ජනතාව වහාම එම ස්ථානවලින් ඉවත්ව උස් බිමකට හෝ රට අභ්‍යන්තරයට යන ලෙස එරට ආපදා ආපදාකළමනාකරණ අංශය නිවේදනය කර තිබේ.

තවද වරාය, මෝය හෝ නොගැඹුරු වෙරළාශ්‍රිත මුහුදේ ඇති බෝට්ටු තම බෝට්ටු ආරක්‍ෂා කර ගෙන මුහුදු තීරයෙන් ගැඹුරු මුහුදට යාත්‍රා කරන ලෙසත්, මෙම කාලසීමාව තුළ දැනටමත් මුහුදේ සිටින බෝට්ටු තවදුරටත් උපදෙස් දෙන තුරු ගැඹුරු මුහුදේ රැඳී සිටිය යුතු බව එරට කාලගුණ සහ අපදා අංශ නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන්ය.

කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් ඕස්ට්‍රේලියාවට සුනාමි අවදානමක් නොමැති බවය බව එරට කාලගුණ ඒජන්සිය නිවේදනය කළේය.

One thought on “පිලිපීනයේ ප්‍රබල භූමිකම්පාවක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු අඟවයි

Leave a Reply