පියෙකු ඝාතනය කල පුතා අත් අඩංගුවට

සිය පියාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බව කියන පුතෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ මිනුවන්ගොඩ වෑගොව්ව පදිංචි 83 හැවිරිදි අයෙකි. ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ 47 හැවිරිදි පුතා සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.

බහින්බස් වීමක් දුරදිග යාමෙන් අදාළ පුද්ගලයාට සැකකරු තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පවසයි.

තියුණු ආයුධයකින් ඇනීමෙන් පසු ඔහු බරපතළ තුවාල ලබා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply