පියෙක් දියණිය සමග දුම්රියට පැන ජිවිතක්ෂයට

පුද්ගලයෙකු තම දියණිය සමග රජඇල ප්‍රදේශයේ දි දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙන බව කන්තලේ පොලිසිය පවසයි.

ඊයේ (06) රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කරගෙන ඇති බවට කන්තලේ පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ අවුරුදු 38 ක් වන කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ අවුරුදු 06ක දියණියකි.

මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ විදේශ රැකියාවකට ගොස් ඇති අතර එහිදී ඇය අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැන ගැනීමෙන් ඇතිවු සිත් තැවුල හේතුවෙන් දියණිය සමග සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෘතශරීර කන්තලේ රෝහලේ තැන්පත් කර ඇති අතර කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Leave a Reply