පියයුරු පිළිකා වැළදුනු කාන්තාවන්ගේ ඉහළ යාමක්

මෙරට සිටින පිළිකා රෝගීන් අතරින් සියයට 26කම පියයුරු පිළිකා සහිත රෝගීන් බව පිළිකා මර්දන වැඩසටහන පවසයි.

වසර 2020දී අලුතින් හදුනාගත් පියයුරු පිළිකා රෝගීන් ගණන 5329ක් වන අතර ඉන් 147ක් පිරිමි පුද්ගලයන් බවයි අනාවරණය වී ඇත්තේ.

පියයුරු පිළිකා සෑදීම සඳහා බලපාන හේතු බොහොමයක් වෙනස් කල නොහැකි වුවද ඉන් ඉතා සුළු ප්‍රමාණයක් වෙනස් කල හැකි බව වාර්තාවේ.

මෙලෙස වෙනස් කල හැකි සාධකයන් ලෙස ආහාර රටාව, අධික ස්ථුලබාවය, ව්‍යායාම අඩුකම හා මානසික ආතතිය යන හේතු සාධක කිහිපයක් බව සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply