පින්නදුව පිවිසුම අසල අධිවේගී මාර්ගයේදී ලොරියක් පෙරලි අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව අන්තර් හුවමාරුව ආසන්නයේදී මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ පෙරලී යෑමෙන් අද (27) දහවල් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

ලොරියේ ටයරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ලොරියේ ගමන් කල කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැත.

අනතුර හේතුවෙන් පින්නදුව සිට මාතර දෙසට යන මාරගයේ විනාඩි තිහක පමණ කාලයක් ගමනා ගමනා ගමනයට බාධා පැමිණ තිබු අතර මාර්ගයේ ආරක්ෂිත වැටටද හානි සිදුව් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *