පිටිගල පොලිස් වසමේ තල්ගස්වල පිහිටි නියාගම ප්‍රාදේශීය සභාව අසල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට පිටිගල පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබේ.
ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක කරන බව පොලීසිය පවසයි.
පිටිගල මානමිපිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශිය සභාව අසල මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් පසුගිය 30වනදා සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.
ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එය ඝාතනයක් බවය.
අනතුරුව සැකපිට අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී අනාවරණ වී ඇත්තේ ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා මෙම ඝාතනය කර ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ලබයි.
පිටිගල රිය අනතුරකින් කාන්තාවක් මරුට