පෑලියගොඩ ගැටුමකින් එක් අයෙක් මරුට හතරකට තුවාල

පෑලියගොඩ පෙතියාගොඩ ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රී ඇති වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 42ක් වයසැති පෙතියාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

මෙම පහරදීගැනීමෙන් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට සහ තිදෙනෙක් රාගම රෝහලට ඇතුළු  කර තිබේ.එහිදී මියගොස් ඇත්තේ බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

කළක් තිස්සේ දෙපාර්ශ්වයක් අතර පවතින මත ගැටුමක් මෙම සිද්ධියට මුල් වී ඇති බවත් මොවුන් තියුණු ආයුධවලින් සහ පොලුවලින් පහරදීගෙන ඇති බවට වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පෑලියගොඩ පොලිසිය පවසයි.

Leave a Reply