පැරණි අමනාපයක් නිසා වෘෂණ කෝෂ කපලා

තියුණූ ආයුධයකින් රහස් ප්‍රදේශයට කල පහරදිමක් නිසා වෘෂණ කෝෂය කැපීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු රෝබේරිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පිටමාරුව සූරියගොල්ල ගම්මානයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

ඉඩම් ආරවුලක් සහ පෞද්ගලික කෝන්තරයක් ගැටුමට හේතු වී ඇති බවත් කිසියම් කටයුත්තක් සඳහා තම වත්තට ගොස් ආපසු එමින් සිටියදී රාත්‍රී මග රැක සිටි පුද්ගලයෙකු සරම ගලවා අතෙහි වූ පිහියකින් වෘෂණ කෝෂය කපා තුවාල සිදුකල බව තුවාලකරු ප්‍රකාශ කර තිබේ.

පිහියෙන් කැපීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඔහුගේ ඥාතීන් විසින් රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *