පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූමිකම්පාවක්

පැසිපික් සාගරයේ පිහිටි පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.0 ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

පැපුවා නිව් ගිනියාවේ Kavieng ප්‍රදේශයේ මෙම භූ කම්පනය එරට වේලාවෙන් (08) වනදා අලුයම හටගෙන තිබේ. එය කිලෝමීටර් 10ක ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කර තිබේ.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර මේ හේතුවෙන් එම කලාපයට සුනාමි අවදානමක් නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *