පැපුවා නිව්ගිනියාවේ මැග්නිටියුඩ් 7.6 ප්‍රබල භූමිකම්පාවක්

පැපුවා නිව්ගිනියාවේ ඊසානදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ ද මෙම භුචලනය සටහන්වි තිබේ.

අද (11) පෙරවරුවේ භූමිකම්පාව ඇති වූ අතර, ජනාකීර්ණ ප්‍රදේශයක් වන කයිනාන්ටු ප්‍රදේශයේ සිට කිලෝමීටර් 67 ක් නැගෙනහිරින් මෙම භුචලනය සිදුව තිබෙන අතර පොළවේ සිට කිලෝමීටර් 80 ගැඹුරින් භූමිකම්පාවේ කේන්ද්‍රය පිහිටා ඇති බව එම වාර්තා සදහන් කලේය.

භූමිකම්පාවෙන් පසු ඇමරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය එම කලාපයට පූර්ව සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ. මේ අතර ඕස්ට්‍රේලියාවටද සුනාමි තර්ජනයක් නොමැති බව එහි කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කර ඇත.

දේපල, ගොඩනැගිලි හා මහා මාර්ග වලට හානි සිදුවී ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේය. භූමිකම්පාවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව තවමත් නිල වාර්තා ලැබි නොමැති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply