පැතිර යන නව ඩෙංගු ප්‍රභේදය ගැන ජනතාවට අනතුරු ඇඟවීමක්

රට තුළ පැතිර යන නව ඩෙංගු ප්‍රභේදයත් සමග ඉදිරියේ දී තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මේ හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිළිබද ජනතාව අවධානයෙන් සිටිය යුතු බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සදහන් කළේය.

මේ අතර දරුවන්ගේ ඩෙංගු ප්‍රතිදේහ පිළිබඳ අධ්‍යයනයක් ද ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකර තිබේ.

මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සදහන් කළේ ඉදිරියේ දී ඩෙංගු රෝගය සදහා එන්නත් ලබාදෙන්නේ නම් මෙම දත්තයන් ඉතා වැදගත් වනු ඇති බවය

Leave a Reply