පා පැදියක් සොරකම් කල පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම්

කොළඹ රොස්මිඩ් පෙදෙසේ නිවසක මිදුලේ නවතා තිබූ පාපැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණයකුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියම කර තිබේ.

මෙලෙස බරපතල වැඩ සහිත වසරක සිරදඩුවමක් නියම කර ඇත්තේ කඩුවෙල පදිංචි පුද්ගලයෙකුටය.

රුපියල් 7500ක් වටිනා පාපැදියක් සොරකම් කිරීම, සොරබඩු ළඟ තබා ගැනීම යන චෝදනාවන් දෙක සම්බන්ධයෙන් මෙම චුදිතට එරෙහිව අධිකරණය හමුවේ කුරුඳුවත්ත පොලිසිය විසින් නඩු පවරා තිබේ.

ඉකුත් 2022 මාර්තු මස දිනක නිවසේ මිදුලේ නවතා තිබියදී සොරා ගත් බවට කරන ලද පැමිණීල්ලකට අදාළව කුරුදුවත්ත පොලීසිය විමර්ශනයක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.

Leave a Reply