පාසලේ දී ඇද වැටුනු සිසුවිය අවසන් ගමන් යයි

පාසල අවසන් වී පාසලෙන් පිටතට දිවයමින් සිටියදි එකවර පාසල් භුමියෙ ඇද වැටි සිසුවියක් මරණයට පත්ව ඇති බව පුත්තලම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පුත්තලම මනල්ගුන්ඩුව මුස්ලිම් විදුහලෙ 7 ශ්‍රේණීයේ ඉගෙනුම ලබමින් සිටි 12 හැවිරිදි මනල්ගුන්ඩුව පදිංචි සිසුවියක් බවද පොලිසිය පවසයි.

 දිව යමින් සිටියදී එකවර ඇද වැටි ඇති බවත් ඒ සමගම ඇය සිහිසුන්වි තිබු බවත් දැරියට විදුහල්පතිවරයා ඇතුළු ගුරුවර ගුරුවරියන් කෘතිම ස්වසනය ලබා දෙමින් ඇය ප්‍රකෘති තත්වයට ගැනිමට උත්සහ කර ඇති අතර පසුව පුත්තලම මූලික රෝහලට අදාල දැරිය රැගෙන විත් ඇති නමුත් ඒ වන විටත් ඇය මියගොස් ඇති බව වාර්තාවේ.

මෙයට පෙර මෙම දැරිය කිසිදු රෝගාබාධයකට ලක්ව නොතිබු බවත් නිරෝගී තත්වයෙන් සිටි බවත් පවුලේ ඥාතින් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply