පාසල් සිසුවියන් තිදෙනෙකුට අතවර කළ සැකකරුවෙකු රිමාන්ඩ්

බාලවයස්කාර පාසල් සිසුවියන් තිදෙනෙකුට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු ලබන 19 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකි.

අනුරාධපුර පදවිය ප්‍රදේශයේ දී පසුගිය සැප්තැම්බර් මාසයේ දී අවුරුදු 13, 14 සහ 15 යන වයස්වල පසුවන සිසුවියන් තුන්දෙනෙකු පාසල් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් ඔවුන්ට බලහත්කාරයෙන් ලිංගික අතරවර කර පළාගොස් තිබේ.

පසුව දැරියන්ගෙන් ලද පැමිණිලි ඔස්සේ පදවිය පොලිසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *