පාසල් සිසුවියට ලිංගික අතවර කල හිටපු විදුහල්පතිට වසර 30ක සිරදඬුවම්

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වැරදිකරු වූ හිටපු විදුහල්පතිවරයෙකුට වසර 30ක සිරදඬුවමක් නියම කළ බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසනායක මහතා අතවරයට ලක් වු දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමටද අද (30) නියම කර තිබේ.

රුපියල් 15000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා වසර 30ක සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වුයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ කනිටු විදුහලක විදුහල්පතිවරයෙකුට

2004 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.

One thought on “පාසල් සිසුවියට ලිංගික අතවර කල හිටපු විදුහල්පතිට වසර 30ක සිරදඬුවම්

  1. 2004 නඩුවකට 2023 දඩුවම්….
    කුමටද එරට අධිකරණය නීතිය හා විනිසුරන්

Leave a Reply