පාසල් සිසුන් පිරිසක් රන් මාල කොල්ලකරුවෙක් අල්ලා දෙයි

රාජ්‍ය ආයතනවලට ගොස් සාරි අලෙවි කිරීම ව්‍යාපාරයක නිරත කාන්තාවකගේ ගෙළ බැදි මාලය කොල්ල කෑ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

අදාළ කාන්තාව වයස අවුරුදු 16ක් වන සිය දියණිය සමඟ පසුගිය 27 වැනිදා පාගමනින් ගමන් කරමින් සිටියදී මෙසේ ඇගේ මාලය කොල්ලකරුවා විසින් කඩාගෙන ගොස් අති බවයි වාර්තාවේ.

කෙසේ වෙතත් රන් මාලයක් කොල්ලකා පලා යමින් සිටි කොල්ලකරුවා පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට පාසල් සිසුන් පිරිසකගේ සහාය හේතුවෙන් හැකියාව ලැබුණු බවයි මතුගම පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පවසා සිටියේ කොල්ලකරු රන් මාලය කඩාගෙන යනවිට ඇය කෑ ගසා ඇති අතර මාර්ගයේ රැඳී සිටි පාසල් සිසුන් පිරිසක් කිලෝ මීටරයක් පමණ දුරක් කොල්ලකරුගේ පස්සෙන් පන්නා ඇති බවයි.

සිසුන්ගෙන් බේරීම සඳහා කොල්ලකරු අතරමඟ ඇති කැලෑබද ප්‍රදේශයක සැඟව ඇති අතර මතුගම පොලිසියට ලද ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිසිය එම ස්ථානයට පැමිණ අදාළ සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 31ක් වන කතරගම යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

එම රන් මාලය සිසුන්ට බියේ පලායන විට ඔහු මාර්ගය අයිනේ ඇති විදුලි කණුවක් අසලට විසිකර ඇති අතර ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරු මත රන් මාලය ඊයේ (28) සොයාගෙන තිබේ.

Leave a Reply