පාසල් බසයට යටවී අවසන් ගමන් ගිය පුංචි ෆාතිමා

පාසල නිම වී බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක එම බස් රථයට යටවී අවාසනාවන්ත ලෙස අද (24) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුරය, අලුත්ගම දරුසලාම් මුස්ලිම් විද්‍යාලයේ ඉගෙනුම ලබන ගම්බිරිගස්වැව පදිංචි 6 හැවිරිදි දැරියකි.

බස් රථයේ පිටුපස රෝදයට යටවී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම දැරිය ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.

අනතුරෙන් පසු සිසු සැරිය බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.

දැරිය බිමට බසින අවස්ථාවේදී අපරික්ෂාකාරී ලෙස එක්වරම බස් රථය යළි ගමන් ආරම්භ කිරීමේදී අනතුර සිදුව ඇති බවට ලැබුණු තොරතුරු අනුව පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *