පාසල් දැරියන් අපයෝජනය කල ටියුෂන් ගුරා රිමාන්ඩ්

පාසල් දැරියන් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඉකුත් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවක දී අදාළ උපකාරක පන්ති ගුරුවරයා විසින් පාසල් දැරියන් අපයෝජනයට ලක් කර ඇති අතර එළෙස අපයෝජනයට ලක් වූ දැරියන් 6 දෙනෙකුගේ දෙමාපියන් විසින් පොළොන්නරුව පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

ඇතැම් දෙමාපියන් සිය දරුවන්ට සිදුවූ අපයෝජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමට පවා බියවී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව 41 හැවිරිදි උපකාර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Leave a Reply