පාරේ ගිය නයෙක් කරේ දාගෙන ගිය අයෙකු මරුට

මුලතිව්, මාන්කුලම්, කිවන්කුලම් ප්‍රදේශයේ පුද්ගලයකු බීමතින් සර්පයකු කරේ දමාගෙන යෑමේදී සර්පයා දෂ්ට කිරීමෙන් පෙරේදා (17) මියගොස් තිබේ.

මියගිය අය සාදයකට සහභාගි වී රාත්‍රියේ ආපසු ඔහුගේ නිවෙස බලා එමින් සිටියදී මාර්ගයේ සර්පයකු සිටිනු දැක තිබේ.

අසල වූ මුගුරකින් සර්පයාට පහරදී ඌ මැරුණු බව සිතා කරේ දමාගෙන නිවෙස වෙත එමින් සිටියදී ඔහුට සර්පයා දෂ්ට කොට තිබේ.

පාරේ ගමන් කළ පිරිසක් ඔහු වැටී සිටිනු දැක ඔහුව මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කිලිනොච්චිය රෝහල වෙත මාරු කොට යවා ඇතත් සර්ප විෂ හේතුවෙන් ඔහු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කිලිනොච්චිය රෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර එම මරණය සර්ප විෂ ශරීර ගත වීම නිසා සිදුවූ මරණයක් බවට වෛද්‍යවරු තීරණය කොට තිබේ.

මාන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply