පාර්ලිමේන්තුව බලන්න යන පාසල් දරුවන්ට කිරි විදුරුවක් බොන්න පුළුවන්

පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් සිසු සිසුවියන්ට කිරි වීදුරුවක් නොමිලේ  ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

පාසල් දරුවන් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම කොවිඩ් රෝගය පැතිර යාමත් සමඟ
නතර කරන ලද අතර පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු මහජන ගැලරියේ සිට දැක බලා ගැනීම සඳහා මෑතක සිට අවස්ථාව හිමිවිය.

පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා පාසල් දරුවන් රැගෙන ඒමට බලාපොරොත්තු වන්නේ නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ යුතු බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

Leave a Reply