පාපන්දු තරඟය යුද පිටියක් වෙයි – 10ක් රෝහලට 5ක් අත්අඩංගුවට

වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර එම පාපන්දු තරගය ඊයේ (07) පවත්වා ඇති අතර තරගයෙන් අනතුරුව එම ගැටුම හටගෙන තිබූ බව පොලිසිය පවසයි.

තරගය නැරඹීම සඳහා පැමිණ සිටි පිරිසක් සහ සිසුන් අතර එම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ. පහරකෑමෙන් තුවාල ලැබූවන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ගැටුමට සම්බන්ධ වැල්ලවත්ත සහ කිරුලපන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply