පානීය ජල අර්බුදයක් ගැන එක්සත් ජාතින්ගේ සංවිධානය අනතුරු අඟවයි

2050 වසර වනවිට ගෝලීය නාගරික ජනගහනයෙන් අඩකට පානීය ජල අර්බුදයට මුහුණදීමට සිදුවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2023 වසර සදහා ලෝක ජල සංවර්ධන වාර්තාව එලිදක්වමින් මෙම අනාවරණය කර ඇත.

2016 වසරේ මිලියන 933ක් වූ ජල හිඟයෙන් පීඩාවට පත් ගෝලීය නාගරික ජනගහනය 2050 වසර වනවිට බිලියන 1යි දශම 7ත් 2යි දශම 4ත් දක්වා ඉහළ යාමේ අවදානම පවතින බව එහි සදහන්ය.

පානීය ජල හිඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වන රට බවට ඉන්දියාව පත්වනු ඇති අතර ජල හිඟයට මුහුණ දෙන ගෝලීය නාගරික ජනගහනයෙන් සියයට 80ක්ම ආසියානු රටවල ජනතාව බව ද එම වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

පරිසර දූෂණය, ජලය අපතේ හැරීම හා කාලගුණ විපර්යාස ජල අර්බුදය උග්‍ර වීමට හේතුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.

Leave a Reply