පාන් මිල රුපියල් 100 දක්වා අඩුවන ලකුණු

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනවා මිස තවදුරටත් වැඩි කිරීමට සූදානමක් නැතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

අවම වශයෙන් පාන් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

මේ සඳහා රජයේ සහාය බලාපොරොත්තු වන බවත් දැනට අඩාල වී ඇති බේකරි කර්මාන්තය යථා තත්ත්වයට පත්කළ හැක්කේ ද පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළහොත් පමණක් බවත් ඔහු පැවසීය.

මේ වන විට පාන් ගෙඩියක් රුපියල් 150ත් 160ත් 170ත් සහ ඇතැම් ප්‍රදේශ වල 180 ටත් අලෙවි කරන බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Leave a Reply