පානදුර මුහුදේ කිඹුලෙක්

පානදුර මුහුදු වෙරළට අද (28) පස්වරුවේ අඩි හතකට ආසන්න දිගකින් යුත් කිඹුළෙක් පැමිණ ඇත.

කිඹුළෙකු වෙරළ ආසන්නයේ ඇති ගල්වැටිය අසලට සවස 5.30 ට පමණ පැමිණ සිටීන බව දුටූ ධීවරයෙක් වෙරළ ආරක්ෂක නිළධාරීන්ව දැනුවත් කර තිබේ.

පානදුර ජීවිත ආරක්ෂක ඒකකය නිළධාරීන් එම ස්ථානයට පැමිණීමේදී කිඹුලා මුහුදට ඇදී ගොස් වෙරළට මීටර් 10 – 20 ත් අතර දුරකින් ආසන්න මුහුදේ අදුර වැටෙනතුරු සැරිසරා ඇත.

කිඹුලා පිළිබඳ අත්තිඩිය වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති අතර හෙට (29) ඉදිරි කටයුතු සිදුකරන බව දැනුම් දී තිබේ

One thought on “පානදුර මුහුදේ කිඹුලෙක්

Leave a Reply