පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක් මරුට

පාකිස්තානයේ දේශපාලන රැළියක සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට 40 දෙනෙක් පමණ මියගොස් 200ක් පමණ තුවාල ලබා ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කඩිනමින් බජාවුර් නගරයේ රෝහල වෙත රැගෙන ගොස් ඇති බව එම වාර්තා සදහන් කලේය.

පාකිස්තානයේ බජාවුර් නම් ප්‍රදේශයේ පැවති Jamiat Ulema-e-Islam-Fazl (JUI-F) පක්ෂයේ සාමාජිකයින් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව එම වාර්තා සඳහන් කළේය.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply