පාකිස්ථානයේ බිහිසුණු දුම්රිය අනතුරක්

ගිනිකොණදිග පාකිස්තානයේ කරච්චි සිට ඇබොටාබාද් දක්වා ධාවනය වූ දුම්රියක් සින්ද් පළාතේ නවාබ්ෂා නගරයේ දී පීලි පැනීමෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට දුම්රිය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අද (06) සිදුවූ මෙම බිහිසුණු අනතුරින් තවත් පුද්ගලයින් 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව එම වාර්තා සදහන් කළේය.

හසාරා සීඝ්‍රගාමී දුම්රිය කරච්චි සිට රාවල්පින්ඩි බලා ධාවනය වෙමින් තිබූ අතර නවාබ්ෂාහිදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත. අනතුරින් දුම්රිය මැදිරි 10ක් පීලි පැන තිබේ.

අනතුරින් පසු දුම්රිය මැදිරි වල සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ කටයුතු සහ තුවාල ලැබූවන් රෝහල්ගත කිරිමේ කටයුතුවල ප්‍රදේශවාසීන් සහ සහන කණ්ඩායම් යෙදි සිටින බව එම වාර්තා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බව එරට බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය

Leave a Reply