පාකිස්ථානයේ දුම්රිය මාර්ගයකට එල්ලවු බෝම්බ ප්‍රහාරයකින් දුම්රියක් පීලි පනී

පාකිස්තානයට අයත් බලුකිස්තානයේ දුම්රිය මාර්ගයක අටවා තිබු බෝම්බයක් පුපුරා යෑමෙන් සිදුවු ධාවනය වෙමින් තිබු දුම්රියක් පීලි පැනීමට ලක් වීමෙන් 15 දෙනකු තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

“Jaffar Express” නැමැති සීග්‍රගාමී දුම්රිය Bolan දිස්ත්‍රික්කයේ Peshi ප්‍රදේශයේදී මෙම බෝම්බ ප්‍රහාරයකට ලක් ව පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා දුම්රිය එන්ජිම ඇතුළුව මැදිරි අටක් පීලි පැනීමට ලක්ව ඇති බව Bolan දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබේ.

එම ස්ථානය කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති බැවින් ගලවා ගැනීමේ කණ්ඩායමක් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

එය බලුකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බෙදුම්වාදී ත්‍රස්තයන්ගේ සැහැසි ක්‍රියාවක් යැයි සැක කෙරෙන බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ

මෙම ප්‍රහාරයේ වගකීම තහනම් සංවිධානයක් වන Baloch Liberation Army විසින් භාර ගෙන ඇති බව නවතම වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply