වයඹදිග පකිස්තානයේ පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක් සහ පොලිස් කාර්යාල අසල අද (30) බෝම්බයක් පුපුරා යෑමෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් 140 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට පොලිසිය හා රජයේ බලධාරීන් උපුටා දක්වමින් නවතම විදෙස් මාධ්‍ය වාර්තා කළේය
විශාල පිරිසක් යාඥා කිරීම සඳහා රැස්ව සිටි මුස්ලිම් පල්ලියේ පිපිරීම සිදුව ඇති අතර මියගිය පිරිස හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි එම වාර්තා සඳහන් කළේ ය. මියගිය අය අතර පොලිස් නිලධාරීන් ද සිටින බව සඳහන්ය
තුවාල ලැබූ පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති අතර ඉන් සමහරෙකුගේ තත්ත්වය බරපතල බවද එම වාර්තා සඳහන් කළේය
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද එම වාර්තා සඳහන් කළේය.
ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි Khyber Pakhtunkhwa පළාතේ අගනුවර වන Peshawar හි සිදුවූ බෝම්බ ප්‍රහාරයේ වගකීම කිසිවෙක් මෙතෙක් භාරගෙන නැත