පාකිස්ථානයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කරයි

පසුගිය සති කිහිපය තුළ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුරෙන් පසු පාකිස්තානයේ ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෙරට තේ තොගයක් පරිත්‍යාග කර ඇත. 

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (05) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පාකිස්ථාන මහ කොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි මහතා වෙත මෙම තේ තොගය භාර දෙන ලදී.

ගංවතුරෙන් විපතට පත් වූවන්ගේ පවුල්වලට ශ්‍රි ලංකාවේ ශෝකය පළ කල බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම හමුවට එක්ව සිටියහ.

Leave a Reply