පාකිස්තාන හිටපු ජනාධිපති මුෂාරෆ් දිවිසැරිය නිමාකරයි

පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් දිගු කලක් රෝගාතුරව ඩුබායි හි රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මිය යන විට ඔහු 79 වැනි වියේ පසුවිය

හිටපු විශේෂ බලකායේ කමාන්ඩෝ භටයෙකු වූ මුෂාරෆ් 1999 දී ලේ නොසෙල්වා සිදුකළ කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමෙන් පසු දශකයකට ආසන්න කාලයක් පාකිස්තානය පාලනය කළේය.ඔහු බලය ගත්තේ එවකට අගමැති නවාස් ෂරීෆ් බලයෙන් පහකරමිනි.

ජෙනරාල් මුෂාරෆ් හමුදා කුමන්ත්‍රණයකින් පාකිස්තානයේ බලය අල්ලා ගනු ලැබුවේ 1999 වසරේදීය. ඉන් අනතුරුව ඔහු 2001 වසරේ සිට 2008 දක්වා එරට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අතර 2008 දී ඔහු ඉවත් වූයේ දෝෂාභියෝගයකට මුහුණ දෙමින් සිටියදීය.

Leave a Reply