තවලම ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ සභිකයෙකුට අද (18) සවස පුද්ගලයෙකු විසින් පහරදී ඔහුගේ යතුරු පැදියට ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය පවසයි.
පහර කෑ මන්ත්‍රීවරයාට අයත් වීරපාන ප්‍රදේශයේ පිහිටි තේ ඉඩමක සිටියදි මාර්ගයක් සමිබන්ධ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා උඩුගම රෝහල වෙත ඇතුලත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඕපාත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.