ප්‍රභාත් ජයසුරියගෙන් ගාල්ලේ දී ලෝක වාර්තාවක්

අයර්ලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට අද (28) පෙරවරුවේ සමත් විය.

ප්‍රභාත් ජයසූරිය විසින් වසර 71 ක් පැරණි මෙම ලෝක වාර්තාවක් බිඳ දැමීමට සමත් විය

අයර්ලන්තයේ පෝල් ස්ටර්ලිං තෙවැනි කඩුල්ල ලෙස දවාගනිමින් ප්‍රභාත් ජයසුරිය සිය 50 වැනි කඩුල්ල සම්පූර්ණ කළේය.

ප්‍රභාත් මේ වන විට ටෙස්ට් තරග 7 කදී කඩුලු 50 සම්පූර්ණ කළ අතර මීට පෙර බටහිර කොදෙව් හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින් 1951 වසරේ ඔහුගේ අටවැනි තරගයේදී කඩුලු 50 සම්පූර්ණ කරමින් එහි පැරණි වාර්තාවට හිමිකම් කීය

Leave a Reply