ප්‍රදේශ කිහිපයකට වැසි සහ සුළං

නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑව්මු ප්‍රදේශවලත් උතුරු – මැද වයඹ,ඌව,දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply