ප්‍රංශ ජනාධිපති හෙට ශ්‍රි ලංකාවට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා හෙට (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රංශ ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකාවට හෙට (28) රාත්‍රියේ පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා අනිද්දා (29) උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය.

පැපුවා නිව්ගිනියා සහ වනාටු සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා යෑමට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කෙටි කාලය තුළ ප්‍රංශ ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමටද බලාපොරොත්තු වන බවද වාර්තාවේ.

Leave a Reply