බටහිර ප්‍රංශයේ බොඩෝව් නගරයට නුදුරින් වනාන්තරයේ බිහිසුණු ලැව් ගින්නක් පැතිර යමින් පවතින බවත්, එය නිවා දැමීමට ගිනි නිවන භටයන් 1,000 කට වැඩි පිරිසක් යොදවා ඇති බවත් මාධ්‍ය වාර්තා කළේය.
මේ වනවිටත් හෙක්ටයාර් 7,000 ක් ගින්නෙන් විනාශ වී ඇති බවත් ගින්න බොඩෝව් නගරය දෙසට ව්‍යාප්ත වෙද්දී නිවාස 10,000 ක නිවැසියන් එම නිවාසවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් එහි සඳහන්
ලැව් ගින්න නිවා දැමීමට ප්‍රංශ ගිනි නිවන භටයන්ට සහාය වීමට ජර්මනියෙන්, ඔස්ට්‍රියාවෙන්, ග්‍රීසියෙන්, පෝලන්තයෙන් සහ රොමේනියාවෙන් ගිනි නිවන භට කණ්ඩායම් ගෙන්වා ගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රකාශ කර තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.