පළාත් පාලන ඡන්ද විමසීම ගැන තීරණය අනිද්දා

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව විශේෂ සාකච්ඡාවක් ලබන 07 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

අදාළ සාකච්ඡාවට මැතිවරණයට අදාළ සියලු පාර්ශ්ව කැඳවීමට නියමිතය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබන අගහරුවාදා යළි රැස්වීමට නියමිතය.

එදිනට කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය  සහ පොලිස්පති ඇතුළු පාර්ශ්ව කිහිපයකට ලිපි යොමු කිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *